නාදුනන මැර පිරිසක් කඩාවැදී තමන් වහන්සේ වැඩ සිටි සේරුවාවිල මංගල රජමහා විහාරයේ පාලන බලය ඔවුන් යටතට ගෙන ඇතැයි විහාරාධිපති කොටපොල අමරකිත්ති හිමියන් සදහන් කරනවා. උන් වහන්සේ වැඩිදුරටත් සදහන් කලේ 40 ක පමණ කණ්ඩායමක් විහාරස්ථානයට බලෙන් ඇතුළු වී එය අත්පත් කරගනිමින් තමන් වහන්සේට ඊට ඇතුළු වීම අවහිර කර ඇති බවයි. 


එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ මුන්හේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු, අමරපුර සංඝ සභාව විසින් තමන් වහන්සේව සේරුවාවිල විහාරාධිපති තනතුරට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවත් උන් වහන්සේ කියා සිටියා.