මේ ශ්‍රී ලංකාව තුල කොරෝනා අවදානම සීග්‍රයෙන් ඉහල යන කාලවකවානුවකි. දිනකට හමුවන ආසාදිතයන් සංක්‍යාව තුන්දහස පසුකර ඇතිඅතර දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 පසු කරමින් සිටී. මෙවන් දරුණු තත්වයක් යටතේ රට වස නොදැමීමට ඉදිරිපත්වන හේතුන් වනුයේ, රට සතුව විදේශ සංචිත නොමැති වීමත්, වස දැමීමෙන් පසු රට දුවන්නට සල්ලි නැතිකමත්ය. නමුත් එය ඇත්තටම එසේදැයි සොයා බැලීම වටී. 


ලෝකයේ ඕනෑම රටක, රැපිඩ් අන්ටින්ජන් කට්ටල ඕනෑම අයෙකුට පහසු මිදලට මිලදී ගැනීමට වෙළද සල් වල ඇත. නමුත් ශ්‍රී ලංකාව තුල එය සිමා සහිත භාණ්ඩයක් වන අතර, පිටරට සිටින අයෙකුට එම කට්ටල එකක් හෝ කීපයක් තම නෑදෑයෙකුටවත් එවිය නොහැක. එය රේගුවෙන් නැවත ගනු ලබයි. පසුගිය දිනවල සිරස මාධ්‍ය ආයතනය එළිදරව් කල පරිදි ලංකාවට මෙම කට්ටල ගෙන ඒමේ එකම ව්‍යාපාරිකයා දෙරණ ආයතනයේ හිමිකරු දිලිත් ජයවීර මහතාය. පසුගිය මැතිවරණයේදී මෙම රජය  ඒමට දෙරණ ආයතනය දැරූ ඉමහත් උත්සහයත්, ජයග්‍රහණයෙන් පසු දිලිත් ජයවීර මහතා අසීමිතව සතුටු අයුරු පෙන්වූ සමාජ මාධ්‍ය තුල හුවමාරු උණු චායාරුපයත් මේ සම්බන්ධව අපට සාධාරණ සැකයක් ඇතිකරගැනීමට කරුණු සලසා දෙයි. 


අදදින රූපවාහිනියෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රී වරයා හෙළිදරව් කල අන්දමට ඉන්දියාවේදී පිසිආර් පරීක්ෂණයක් සිදුකර ගැනීමට වැය වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2600ක් පමණි. එම පරීක්ෂණය සදහා බංගලාදේශයේදී වැයවන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2300කි. මෙමෙ සියලු පැහැදිලිකිරීම් හමුවේ රට වසා දමා කොරෝනා පාලනය නොකරන්නේ ඇත්තවශයෙන්ම මුදල් නැති හේතුව නිසාවෙන්ද, එසේත් නැතිනම් වැඩිපුර මුදල් හොයන බලාපොරොත්තුවෙන්ද යන සාධාරණ සැකය මහජනතාව තුල නිතැතින්ම ඇතිවේ.