දුප්පත් හා ධනවත් ජාතීන් අතර වෙනස ජාතියේ වයස නොවෙයි.


මේ මනෝවිද්‍යාඥයෙකු ඒ පිළිබඳව දක්වන අදහස්.


වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති නමුත් ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවල් තවමත් දුප්පත්. අනෙක් අතට, වසර 150 කට පෙර එතරම් වැදගත්කමක් නොතිබුණ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද සංවර්ධිත හා පොහොසත් රටවල්.


දුප්පත් හා ධනවත් ජාතීන් අතර වෙනස එම රටවල් සතු ස්වාභාවික සම්පත් මතද සෑම විටකම රඳා පවතින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ජපානයට තිබෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක්. 80% ක් කඳුකරය. ඒවා කෘෂිකර්මාන්තයට හෝ ගොවිතැනට යොදාගත නොහැකියි. නමුත් ජපානය අද සිටින්නේ ලෝක ආර්ථිකයේ දෙවැනි තැන. මුළු ලෝකයෙන්ම අමුද්‍රව්‍ය ආනයනය කොට ඒවායින් භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කරන ජපානය විශාල පාවෙන කර්මාන්ත ශාලාවක් වැනි රටක්.


ස්විට්සර්ලන්තය තවත් උදාහරණයක්. එහි කොකෝවා වගා නොකරන නමුත් ලෝකයේ හොඳම චොකලට් නිෂ්පාදනය කරනු ලබනවා. ස්විට්සර්ලන්තයේ කුඩා භූමි ප්‍රමාණයක් තුළ සතුන් ඇති දැඩි කරන අතර වගා කටයුතු සිදු කරන්නේද වසරකට මාස හතරක් පමණයි. එසේ වුනත් ඔවුන් ලෝකයේ හොඳම කිරි නිෂ්පාදන නිපදවනවා. කුඩා රටක් වන ස්විට්සර්ලන්තයට ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් ප්‍රතිරූපයක් ඇති නිසාම එය ලෝකයේ ශක්තිමත්ම බැංකුවටද හිමිකම් කියනවා.


ධනවත් සහ දුප්පත් රටවල විධායක ශ්‍රේණියේ පුද්ගලයන් සැසඳීමේදී සැලකිය යුතු බුද්ධිමය වෙනස්කම් පෙන්වන්නේ නැහැ. ජන වර්ගය හෝ හමේ වර්ණය වැනි සාධක ද ​​වැදගත්කමක් නොදක්වයි. උදාහරණයක් ලෙස ගතහොත්, තම මව්රටවල් වලදී ස්වාබාවිකවම අධික කම්මැලිකමෙන් යුක්ත සංක්‍රමණිකයන්, පොහොසත් යුරෝපීය රටවලට සංක්‍රමණය වූ පසු  බොහෝ වෙහෙස මහන්සි වී ඵලදායි ලෙස වැඩ කිරීමට හුරු වෙනවා.


එසේනම් කුමක්ද වෙනස?


වෙනස වන්නේ රටක අධ්‍යාපනය හා සංස්කෘතිය මගින් වසර ගණනාවක් තිස්සේ හැඩ ගස්වන ලද ජනතාවගේ ආකල්පයයි.


ධනවත් හා සංවර්ධිත රටවල ජනතාවගේ හැසිරීම විශ්ලේෂණය කරන විට, බහුතරයක් පහත සඳහන් ප්‍රතිපත්ති වලට අනුකූලව ජීවත් වන බව නිරීක්ෂණය කල හැකියි.


1. මූලික ප්‍රතිපත්ති වන්නේ ආචාර ධර්මයි (Ethics).

2. අඛණ්ඩතාව (Integrity).

3. වගකීම් පැහැර නොහැරීම (Responsibility).

4. නීති හා රෙගුලාසි වලට ගරු කිරීම.

5. බහුතර පුරවැසියන්ගේ ගෞරවය නිතැතින්ම හිමිවීම.

6. රැකියාවට ඇති ආදරය.

7. ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට දරන උත්සාහය.

8. ඵලදායි ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත (Productive).

9. වෙලාවට වැඩ කිරීම (Punctuality).


දුප්පත් රටවල ජනතාව සුළු ප්‍රමාණයක් පමණක් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මෙම මූලික ප්‍රතිපත්ති අනුගමනය කරති.


අප දුප්පත් වන්නේ අපට ස්වාභාවික සම්පත් නොමැති නිසා හෝ සොබාදහම අප කෙරෙහි කුරිරු වූ නිසාම නොවේ. අප දුප්පත් වන්නේ අපිට හොඳ ආකල්ප නැති නිසාවෙන්. ධනවත් හා සංවර්ධිත සමාජවල වැඩ කිරීමේ මූලධර්ම අනුගමනය කිරීමට හා ඉගැන්වීමට අපට කැමැත්තක් නැති නිසාවෙන්.


අපි මේ තත්වයේ සිටින්නේ, අප සෑම කෙනෙක්ම සහ සෑම දෙයක්ම අපගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කරන නිසායි.

අපි මේ තත්වයේ සිටින්නේ, යම්කිසි වැරැද්දක් දුටුවිට “ඒක එහෙම උනාවේ” කියා නිකම් සිටින නිසායි.

අප හොඳ ආකල්ප සහ මතකයන් ගොඩනගාගත යුතුයි.

අපගේ වර්තමාන තත්වය වෙනස් කිරීමට අපට හැකි වනු ඇත්තේ එවිටයි.


ඔබ මෙම පණිවිඩය බෙදා නොහැරියා කියා ඔබට කිසිවක් සිදු නොවේ. ඔබේ සුරතල් සතා මිය යන්නේ හෝ ඔබට රැකියාව අහිමි වන්නේ නැත. ඔබට අවුරුදු හතක අවාසනාවන්ත කාලයක් උදා නොවේ. ඔබ අසනීප වීමටද යන්නේ නැත.


නමුත්, ඔබ ඔබේ රටට ආදරය කරන්නේ නම් බොහෝ දෙනෙකුට කියවිය හැකි වන පරිදි මෙම පණිවිඩය බෙදා හැරීමට උත්සාහ කරන්න.