නපුංසකයෙක් විසින් සැකසූ තිරිසනුන් විසින් සමාජ ජාලාවලට මුදාහරිමින් බෙදාහරිමින් ස්වයං වින්දනයක් ලැබූ මේ පෝස්ට් එක ගැන නම් තියෙන්නේ හරුම කණගාටුවක්.


තරුණ කෙල්ලෙක් අරගල කරන එක ගැන ආඩම්බරයි මට නම්..... තව තවත් මෙවැනි චරිත අවැසි කාලයක් මේක.


අසාධාරණයට එරෙහිව එදා අරගල කළ තාත්තාගෙන් උරුම වූ කොන්ද සහ අක්කාගේ ආදර්ශය එක්ක අසාධාරණයක් වෙනකොට ඊට එරෙහිව අරගල කරන්න.... මේ කෙල්ලට, බහුතරයක් නමට පිරිමින්ට වඩා හයියක් තියෙනවා. ඒ ගැන මට නම් තියෙන්නේ ලොකු සතුටක්. 


විශ්ව විද්‍යාලයේ ඉන්න කොට මෙයාගේ අක්කා මගේ ජ්‍යෙෂ්ඨයෙක්... දිමුතු අක්කාගේ නායකත්වය, සටන්කාමී බව, අවංක බව, ආදරය දැකපු අපි මේ කෙල්ල ගැනත් දන්නවා. 


මේ පෝස්ට් එක හදපු, සොච්චමකට පාලකයින්ට විකිණෙන බත්බැලයන් තෝරාගෙන තියෙන ෆොටෝවල තියෙන දේවල් කියවලා බැලුව නම්, මේ මිනිස්සුන්ගේ කැපකිරීම් දරාගැනීම් පිලිබඳව හොයලා බැලුව නම් මෙහෙම පෝස්ට් හදන්නේ නෑ. 


රැකියාවක් විදියට උද්ඝෝෂණය කරන්න ඕනි නෑ උන්ට. ඉගෙන ගත්ත කෙල්ලෙක් හැටියට පාඩුවේ රස්සාවක් කරගෙන මේ වෙන දේවල් නොදැක්කා වගේ ඉන්නත් තිබුනා බහුතරයක් වහල්ලු ඉන්නවා වගේ.


නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය පිලිබඳව ගැටලුවක් නම් මේ කොල්ලෝ කෙල්ලෝ එතැන අරගල කරනවා. ගොවියට, ධීවරයට, ගුරුවරයාට, කම්කරුවාට ගැටලුවක් නම් උන් එතැනත් අරගල කරනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිත්වලට අහිතකර වෙන යමක් වෙනවාද උන් එතැන සටන් කරනවා. ඒකෙන් ලබන ජයග්‍රහණයත්, ඒකේ ප්‍රථිඵලත් මේ රටේ හැමෝටම ලැබෙනවා. ඒක තේරුම් ගන්න මේ රටේ බහුතරයකට බෑ. ඒක රටේ කරුමේ. නූපන් උන්ගේ උරුමේ. 


බහුතරයක් උන් අසාධාරණයක් වෙනකොට ඊට එරෙහිව අරගල කරන්නෙත් නෑ. කතා කරන්නෙවත් නෑ. හැබැයි ගජරාමේට ඒවාට විරුද්ධව කරන අරගල හෑල්ලු කරනවා. වරප්‍රසාද වෙනුවෙන් දේශපාලකයින්ගේ සුදු හුණු ගාන හාමුදුරුවන්ට සාදු කියන ගමන්, මිනිස්සු වෙනුවෙන් අරගල කරන හාමුදුරුවන්ට සිල් රකින්න කියනවා. 


මේක ඇත්තටම බහුතරයක් විසින් ඇති කරන ශාපයක්.


ඒ වගේම තවම තරුණ අවිවාහක කෙල්ලෙක්ට "කණවැන්දුමි" කියන්න තරම් තිරිසන් වුනේ කොහොමද මුන්. ඒ තරමට මුන්ගේ කොඳු බිඳලා. මුදලට යටවෙලා. ඔයිට වඩා හොඳයි ඔය මඩ බලකායවල්වල ඉන්න උන් හිඟා කෑවා නම්.


කෝශිලා උඹ ගැන මට නම් ආඩම්බරයි. තව තවත් කෝශිලාලා මේ අරගල භූමියට එක්වේවා ! 


ශක්තිමත්ව ඉදිරියට ම යන්න හැකිවේවා!

සටහන - රජිත වීරසිංහ