මිනිසෙකු දේශපාලනයට පිවිසෙන්නෙ තමන්ගේ ගමට, පළාතට, රටට වැඩක් කරන්න. බොහොම අමාරුවෙන් වැඩ පෙන්නල නායකතුමන්ගෙන් ටිකට් එක හම්බුනු ගමන්ම මේ මනුස්සයට හුස්මක් කටක් ගන්න දෙන්නේ නැතුව එතනට පිරෙනව ඔන්න අපේ අති ගව්රවනිය පාක්ෂික මහත්ම මහත්මීන් ටික.😋 සර් අපි මෙහෙම කරමු, අරෙහෙම කරමු, අතන කටවුට් එකක් දාමු, පෝස්ටර් ටික අපි ගහන්නම්, හංදියේ රැස්වීම මම බලන්නම්, අර මලගෙදරනම් යන්නම ඕනෙ සර්, එක විකාරයයි. කොටින්ම අර මනුස්සයට ඕනේ විදියට හැසිරෙන්නවත් බෑ.😡 


කව්ද මේ කට්ටිය? ඔයාල දන්නා කව්රුහරි එහෙම කෙනෙක් ඉන්නවනම් බලන්න මේ පහල තියෙන ලිස්ට් එකට එයාල අහුවෙනවද කියල. 


1.තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් වලට යන්න බැරි රස්සාවකට පනින්න බලං ඉන්න අය.

2. ගල්, පොල්, කසිප්පු, ගංජා, අබිං, සුරා, සූදු, එකී මෙකී නොකී සියලුම ආකාරයේ නීති විරෝධී වැඩ කරන සෙට් එක.

3. තමන්ගෙ ඊලග උසස් වීම හෝ ස්ථාන මාරුව කරගන්න බලං ඉන්න අය.

4. රැකියා විරහිත උපාධිදාරීන්.


මෙහෙම දිගටම ලියන්න ගියොත් ලිස්ට් එක ගොඩක් දික් වෙන නිසා අපි හැමෝටම තේරෙන භාසාවෙන් කෙටියෙන් කිව්වොත්, රටේ නීතියට පිටින් ගිහින් මොකක් හරි අමන වැඩක් කරගන්න තියෙන සෙට් එක.😖 මොකක් හරි වාසනාවකට අර මනුස්සය චන්දෙ දිනුවගමන් මේ සෙට් එක අර මනුස්සයාගේ ඇගේ එල්ලෙනව කූඩෑල්ලෝ සෙට් එක වගේ. එතන ඉදල, 


සර් මගේ වැඩේ, සර් අර පර්මිට් එක, සර් ළමයාගේ ඉස්කෝලෙ වැඩේ, සර් මගේ ප්‍රමෝෂන් එක, සර් මගේ කොල්ලො දෙන්නෙක් ඇතුලට දාල. ඉතිං කොහෙන්ද අර මනුස්සයට සමාජෙට සේවයක් කරන්න වෙලාවක්? එක අතකට සමාජය විදියට අපිටත් හොද වැඩේ. අපිත් ඉතිං කාටවත් කඩේ යන්නේ නැතුව ගෙදරට වෙලා හිටියනේ. හැබැයි කොහොම උනත්, මෙන්න මේ  කූඩෑල්ලෝ සෙට් එක සමාජයෙන් කොන් කරල දාන්න පුලුවන්නම් හොදයි. ඊලග පාර චන්දෙදි, මේ වගේ අය ගෙදරට එනකොට පොඩ්ඩක් මේ කතාව මතක තියාගන්න. පුංචි පුංචි පිළිල අයින්කරලම වැඩේ පටන්ගමු.