අපි මහා ඔල මොට්ටල ජාතියක් වෙමු! තෝමස් අල්වා එඩිසන් මහතා සොයාගත් විදුලි බුබුලේ සුත්රිකාව ගැලව දමා අප එයින් කුප්පි ලාම්පු සැදුවෙමු. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමියක් මත ඉගෙන පිටරටින් හිගකන්නෙමු. ලොව පළමු ගුවන් ගමන 1903 දෙසැම්බර් 17 එඅන දින රයිට් සහෝදරයන් විසින් අත්හදා බැලුබව මුළු ලෝකයක් පිලිගද්දී අපි එය පිළිගැනීමට සුදානම් නැත. මහා රවණා දඩුමොනරය ඊට කලින් පදවා ඇත. නමුත් කිසිදෙයක් විද්‍යාත්මකව පහදන්නට කෙනෙක් නැත. රාවණ කතා වස්තුව පිළිගන්නා කෙනෙකුට අනුව ඒ සියල්ල සත්‍යය. 


ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම මතයක් දරන්නට නිදහස ඇත. රවණා කතාවේ සත්‍ය අසත්‍ය කොහොම උනත් රටේ ප්‍රධාන රුපවාහිනී නාලිකාවකින් මෙහෙම නිව්ස් දැමීම හරියට ගමේ ඕපාදුප හොයමින් යන ගැහැණුන්ටත් අන්තය. තැනකට කැමරාව උස්සන් ගිය හැටියේම එතනට පිරෙන මහදැන මුත්තලාගේ කතා රටේ ප්‍රධාන ප්‍රව්ර්ති ප්‍රකාශයේ පලවන තරමට කුමක් හෝ වරදක් අපේ හෝ ඔවුන්ගේ ඇත. අසත්‍ය ප්‍රව්ර්ති පල කිරීම වෙනත් රටවල් වලනම් දඩුවම් ලැබිය යුතු වැරදිය. නමුත් ලංකාවේ එහෙම කරන්නට බැරිය. චන්ද දිනන්නට ප්‍රතිරුප හදන්නේ TV චැනල් වලින්ය. ඉතින් උන්ට මොකුත් කියලා බැරිය. අපිට කරන්නට තියෙන්නෙ උන් දාන ඕනෙ මලවිකාරයක් TV එකෙන් බලා Facebook එකේ බැනවැදීම පමණි.