"ආරෝග්‍යා පරමා ලාභා" යනු බුදුන් වහන්සේ ප්‍රකාශ කළ උදාන වාක්‍යයකි.අතීතයේ ජනතාව මෙම ඔවදන පිලිපැද සෞඛ්‍ය සම්පන්න නීරෝගීමත් ජීවිතයක් ගත කර ඇත.නමුත් දැන් දැන් ලෝකයේ සංවර්ධනය සී‍ග්‍ර වීමත්,නවතම ආහාර පාන භාවිතයට ගැනීමට හුරු වීමත්,නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයට හුරු වීමත් සමග ජනතාවගේ නිරෝගීබාවය හීන වෙමින් පවතී.මෙහිදී වඩාත් අවදානයකට යොමු වී ඇත්තේ බෝ නොවන රෝග පිළිබදවය.

වෛරස් බැක්ටීරියා ආදී විෂබීජ හේතුවෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වන රෝග රැසක් ඇත.නමුත් වර්තමානයේ සෞඛ්‍ය තර්ජනයක් වී ඇත්තේ බෝ නොවන රෝගයයි.දියවැඩියාව,අධි රුදිර පීඩනය,හෘදයාබාධ ,අංශබාගය හා පිලිකා ආදිය බෝ නොවන රෝග අතරින් කිහිපයකි.ශ්‍රී ලාංකික ජනතාව   අතර දියවැඩියාව ,පිලිකා වැනි බෝ නොවන රෝග පැතිරී ඇති බවත්, ඒ අතරින් දියවැඩියාව රෝගයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් බොහෝදෙනෙකු පෙලෙන  බවත්  මෑතකදී කළ සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත.දේශයේ අනාගතයට උර දීමට සිටින මේ තරුණ පුරවැසියන් මෙබදු බෝ නොවන රෝගවලින් පෙළීම අභාග්‍යකි.

උදේ ආහාරය මග හැරීම,වයායාම් අඩුකම හා අවිවේකී බව මෙයට සමාසන්න හේතු සේ ප්‍රකට ය.මේ සියල්ලම ජනතාවගේ ආර්ථික මට්ටම,අධ්‍යාපන මට්ටම, හා ජීවන දර්ශනය මත පදනම් වේ.අධික සීනි හා තෙල් අඩංගු ක්ෂනික ආහාර පරිභෝජනය හේතු වී ඇත්තේ මහා ආර්ථික මැරතන් තරගයක ප්‍රතිපලයක් වශයෙනි.

මෙරට සංචාරයට පැමිනෙන පිටරැටියන් අවුරුදු හැට හැත්තෑව වුවත් නීරෝගී කෙසග සිරුරකට හිමිකම් ලදිදෝ වෙති.ඒ ඔවුන් එදිනෙදා ශරීරයට අවශ්‍ය ව්‍යායාම් නිසි පරිදි සිදු කරන නිසාවෙනි.අවාසනාවකට එවන් වූ කරුනක් අපගේ ඒක කේන්ද්‍රීය අධ්‍යාපනය තුලින් ඉටු වන්නේ නැත.පාසල ගැන ළමයාගේ සිට මහල්ලා දක්වාම ගත කරනුයේ අවිවේකි ජීවිතයක් බව පෙනෙන්නට තිබේ.නිවැරැදි ජීවන දර්ශනයක් ග්‍රහනය කර නොගැනීම මෙයට ප්‍රධාන හේතුවයි.

දිනෙන් දින උග්‍ර වන මේ ජාතික ව්‍යසනය අවම කර සෞඛ්‍ය සම්පන්න සිසු පරපුරක් බිහි කර ගත හැකි ප්‍රායෝගික උපාය මාර්ග අවශ්‍ය වේ.මේ සදහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.දිනපතා පාසලේ උදෑසන ශරීර සුවතා වැඩසටහන් පැවැත්වීම,පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරවීම,දෙමාපියන් දැනුවත් කිරීම හා විශය නිර්දේශයට බෝ නොවන රෝග පිලිබද කරුනු ඇතුලත් කිරීම මේ අතරින් ප්‍රධාන වෙයි.එසේම පාසල් භෝජනාගාර තුළින් අධික සීනි  හා තෙල් සහිත ආහාර ඉවත් කිරීම හොද කටයුත්තකි.කෘතීම ආහාර වල සීනි මට්ටම් පිලිබද සදහන් කර ලේබල් ඇලවීම ප්‍රශංසනීය ය.

දියවැඩියා පාලනය පාසලකට තනිව කළ නොහැක.ඒ සදහා මුලු සමාජයම අත්වැල් බැදගත යුතු ය.තම ජීවිතය ක්‍රියාකාරී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බවට පරිවර්තනය කර ගැනීම අප සැමගේ වගකීමයි.

-SaSa❤️-