මම මෙච්චර දවසක් ආණ්ඩුව විවේචනය කලේ, ඒ විවේචන හරහා ආණ්ඩුව ඒ වැරදි හදාගෙන ඉදිරියට යයි කියලා. මම වගේම බොහෝ දෙනෙක් ඒ විවේචනයන් කලා. මට හිතෙන විදියට ඒ අයත් එහෙම විවේචනයන් කලේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන්. කොහොම හරි මේ ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමයි මගේ ප්‍රධාන අරමුණ වුනේ. මේ යන විදියට ඒ ව්‍යවස්ථාව හීනයක් විතරයි. මේ ඔක්කෝම බැලුවම ආණ්ඩුව හදාගෙන ඔවුන් ලවා කරගන්න කියලා දෙයක් නැහැ. මොකද ඔවුන් අපිට අවශ්‍ය දේ කරන්නේ නැහැ. ඒ නිසා අද ඉදන් මම ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුව හදාගැනිමේ අරමුණින් නෙමෙයි. 


මිනිමැරැම් චෝදනා යටතේ මරණ දඩුවම හිමිවුවෙක්ට ජනාධිපති සමාව දීම පමණක් නොව, ඔහුට රජයේ ඉහළම තනතුරක් ලබාදීමෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පෙන්නුවේ, උබලා මොන දේ කිවුවත්, මොනවා විවේචනය කලත් අපිට වැඩක් නැහැ කියලයි. ඉතින් ඇයි එහෙනම් අපි ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනිම සදහා විවේචනයන් කරන්නේ? අපි කියන දේවල් සත පහකටවත් හිතන්නේ නැති පාලකයන් වෙනුවෙන් තව දුරටත් මම පෙනි ඉන්නේ නැහැ. ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේවල් කරනවා මිසක්, ඔවුන්ට සහාය දැක්වු ලක්ෂ 69 ගැන කිසිදු තැකීමක් කරන්නේ නැහැ. දුමින්ද සිල්වාට රජයේ ඉහල තනතුරක් ලබාදීමෙන් ජනාධිපතිවරයා පෙන්නුවේ ඒකයි. 


ජනාධිපතිවරයා මේ නැතිකලේ ඔහු ගැන අපි තිබු විශ්වාසයයි. විශ්වාසය නැති වුනාට පස්සේ ඒක හැදෙන්නේ නැහැ. ඕනේම දෙයක් කලත් බල්ලෝ වගේ පස්සෙන් එන අය ඇති. ඒත් මම එහෙම නැහැ.

සමිල මුතුමුණි