වසර හතරකට වරක් පැවැත්වෙන ඕලිම්පික් ක්‍රීඩා උළෙල (ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල) සලකනු ලබන්නේ ලොව පවත්නා උත්කර්ශවතම ක්‍රීඩා මංගල්‍යය ලෙසයි.නුතන ඔලිම්පික් උළෙල වර්ෂ 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නුවරදී ආරම්භ වුවත් ඔලිම්පික් උළෙලේ ඉතිහාසය ක්‍රි.ව.776 දක්වා දිවයනවා. 1896 දී අරම්භ වූ මේ මහා ක්‍රීඩා මංගල්‍යය 32 වරට මෙම වසරේදී  පවත්වනු ලබන්නේ ජපානයේ ටෝකියෝ අගනුවරයි. 2021 ජුලි 23 වනදායින් ආරම්භ වන මෙවර ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වෙනිදායින් අවසන් වීමට නියමිතයි.

 

1948 වර්ෂයේ සිට  මේ දක්වා (1976 වර්ෂයේ කැනඩාවේ පැවති 21 වන උළෙලට හැර) ශ්‍රී ලංකාවද ඔලිම්පික් උළෙල නියෝජනය කර තිබෙනවා. එතරම දිගු ඉතිහාසයක් සහිත සහභාගිත්වයක් තිබුනද ශ්‍රී ලංකාව එදා මේද තුර දිනාගෙන ඇත්තේ රිදී පදක්මම දෙකක් පමණයි. ඒ 1948 දී ඩන්කන් වයිට් විසින් මීටර් 400 කඩුල මතින් දිවීමේ ඉසව්වෙන් සහ 2000 වර්ෂයේදී සුසන්තිකා ජයසිංහ විසින් මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන්.

 

කෙසේ නමුදු ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ අමතකම කල නොහැකි නාමය ලෙස රණතුංග කරුණානන්ද සැලකෙන අතර 1964 දී ජපානයේ පැවති 18 වන ඔලිම්පික් උලෙළේ මීටර 10,000 ඉසව්ව තරගය අවසාන වනතෙක්ම නිමකර ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස ඔහු සිය නාමය සනිටුහන් කලේය . ක්‍රීඩාවේදී ජීව ගුණය රදාපවතින්නේ  ජයග්‍රහණයට වඩා  ඉදිරිපත්වීම මත බව ඔහු ලෝකයට ඔප්පු කර පෙන්වීය.

 

මෙවරද ක්‍රීඩා ඉසව් 7ක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා.ඉතිහාසයේ ප්‍රථම වරට ජිම්නාස්ටික් සහ තුරග තරග සදහාද ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වෙනු ලැබේ.

 

අප රටෙහි නාමය ඉහලින්ම සනිටුහන් කිරීමට ශ්‍රී  ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවේවායි අපි සුභාශින්ෂණ පල කරන්නෙමු.