පුවතක් !!!!!


"කොරෝනා වසන්ගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොරෝනා මාරයාට යළි අතවැනීමක් බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. එනිසා උද්ඝෝෂණ සිදුකරන්නට එරෙහිව අනිවාර්යෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. උද්ඝෝෂණ විරෝධතා කරන්නට කිසිවකු එන්නේ නම් ඇඳුම් කිහිපයක්ද රැගෙන නිරෝධායනයට යන්න සූදානමින් පැමිණෙන ලෙස දැනුම්දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය. මෙය කිසිවිටෙක තර්ජනයක් නොව ජනතාවට තිබෙන ආදරේ නිසා කරන ඉල්ලීමක් ලෙස සලකන්නැයිද ඔහු පැවසීය.මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය."


එක අතකින් ඇමතිතුමා නිවැරදි. මරණිය බෝවන රෝගයක අවධානම තදින්ම තියෙන මේ වගේ වෙලාවක උද්ගෝෂණ කිරීමට ඒකරාශී වීම කිසිසේත්ම අනුමත කල නොහැක. නමුත් උද්ගෝෂණය කරන අයගේ ප්‍රශ්න දෙසද වගකිවයුත්තන් මිට වඩා අවධානය යොමුකළ යුතුව ඇත. මර්ධනයේ පලිහ විදියට කොරෝනා පාවිච්චි කරනවානම් එයත් ඉතාම පිළිකුල් සහගතය. 


ඇයි රජයට බැරි මේච්චර කොමිෂන් පත්කරන එකේ, මේ වෙනුවෙන් කමිටුවක් පත්කරන්න? සේවක සංගම් වලින් එන්නෙ පොදු ඉල්ලීම්. මේ මිනිස්සුන්ට එකපාරටම මේ දේවල් අරගෙන යන්න පැහැදිලි දැක්මක් තියෙන තැනක් තිබුනනම් වැඩ වර්ජන, උද්ගෝෂණ කරන්න දෙයක් නැනෙ.හැබැයි ඉතිං ඒක ලංකාවේ තියෙන තවත් එක කමිටුවක් වෙන්න බෑ. සේවක සංගමෙන් පැමිණිල්ල දාන තැන ඉදල ඒවාට ලබා දෙන විසදුම දක්කවා මුළුරටම වෙන්නේ මොකද්ද්ද කියල දැන ගන්න ඕනෙ. එක එක පිස්සු විකාර දදා ඉන්න නිව්ස් වලින් මේවා පෙන්නන්න ඕනෙ. එතකොට ඒ මිනිස්සු ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීම්ද? මෙයාල ලබාදෙන්නෙ සාධාරණ විසදුම්ද කියල හැමෝටම දැන ගන්න පුළුවන්. මේ තැනට එනකම් මහජනතාව හැටියට අපිට පේන්නෙ දෙපැත්තම හොරු වගේ.