දකුණු ආසියානු රටවල අපි ආහාර වෙනුවට කන්නේ කාලයයි. සාමානයෙන් ගෙදරක බතක් මාළුවක් උයගන්නට අඩුම පැය දෙකක්වත් යයි. ඊටත් වඩා බයානකම කාරණයනම් අපි කන පිටි කන්දරාවයි. බත් වේවා, පාන් වේවා, කොත්තු වේවා, අල ජාති වේවා ඇගට එතරම් ගුණ නැත. මතක ඇති කාලෙකින් බත් කාල නැති ශ්‍රී ලංකික ජීවින් මට මෙතෙක් හමුවී ඇත්තේ දෙදෙනකි. එයුනුත් එක් අයෙක් ගැන අසා ඇතිමුත් හමුවී නොමැත. අනෙකා කන විදිය මා අත්දැක ඇත්තෙමු. බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට තුන්වේලට බත් අවශ්‍යය. අතීතයේ සිටන් පැවතගෙන එන මේ පුරුද්ද, පරම්පරාවෙන් පරම්පරාවට මාරුවෙයි. එපමණක් නොව, කඩයකින් කෑම ගැනීම දරුණු අපරාධයක් ලෙස සලකන ශ්‍රී ලාංකික පවුල්ද මට ඉහේ කෙස් ගානට හමුවී ඇත. 


අතීතයේ මෙම ආහාර රටාව එකල මිනිසාගේ ජිවන රටවත් සමග සැසදුනා වන්නට පුළුවන. නමුත් අද බහුතරයක් 8 - 4 කාර්යාලයක වාඩිවී වැඩකරන මානවයා එකල නිතර දෙවෝලේ මහපොලව සමග පොරබැදූ අය සමග සංසන්දනය කල නොහැක. නිසි පෝෂණයකින්යුතු ආහාර රටාවක් නොමැති ජාතියක පැවැත්මක් ගැන සිතා වැඩක් නැත. එය දන ගැනීමට මහා ඩේට බේස් අවශ්‍ය නොවන අතර ඔබ අවරුදු 18දී 20දී කල කි දෑ සහ අද එම වයසේ තරුණ තරුණියන්ට කල හැකි දෑ සමග සංසන්දනය කිරීම ප්‍රමාණවත්ය. කෙසේ වෙතත් කොරෝනා වසංගතයත් එක්ක ගෙදරට කොටුවෙච්චි අපේ මිනිස්සු මේකට විකල්පයක් හොයාගෙන ඇත.  


ෆේස්බුක් එකේ මේදවස්වල ඉතාම ජනප්‍රිය සංගමයක් තමයි "බඩට තිත". වන්නකු කියල දොස්තර මහත්තයෙක් කරගෙන යන මේ ගෘප් එකේ අයගේ ප්‍රධානම ආහාරය තමයි පොල්සම්බෝල. හුගක් අය අනෙත් අයටත් බලාගන්න තමන් වෙනස් කරපු කෑම රටාව එකේ පළකරනවා. විශේෂ උපදෙස් අවශ්‍ය වන වෙලාවට දොස්තර මහත්තයා ඒවාට උත්තර දෙනව. බඩ අඩුවෙලා අදින්න ඇදුම් නෑ කියල දොස්තර මහත්තයට බනිනව, හරිම සුන්දරයි. තමන්ගේ ඇග හදාගන්න්න කෑම පාලනය කරන එකේ ඉදන් කරන්න ඕනේ ව්‍යායාම දක්වාම උපදෙස් දෙනව. ඇත්තටම මේක කාලෙකින් ෆේස්බුක් එකේ දැකපු ඉතාම එකමුතු සහ ලස්සන ගෘප් එකක්. ඒකටම හරියන්න ඒකේ අරමුණත් හරිම සුන්දරයි. වැදගත් වෙයි කියල හිතන කෙනෙකුට ලින්ක් එකත් මම පල්ලෙහායින් දාන්නම්. වන්නකු දොස්ස්තර මහත්තයා ඇතුළු බඩට තිත සංසදයට ලංකාවේ ගතානුගතික ආහාර රටාවේ දැවැන්ත වෙනසක් කරන්න ලැබෙන්න කියල අපි ඉතසිතින් ප්‍රර්ථනා කරනවා. 


https://www.facebook.com/groups/497897711606135