ඔබ වහන්සේට කොහොමදැයි අසන්නට බැරිය. මේ දවස්වල ෆේස්බුක් පැත්තේ ඔබ වහන්සේව පතුරු අරිනවා දුටිමි. ආගම් ඇදහීමක් තදින්ම නොකලත් අපිව බණ ටිකක් අහන්නට පුරුදු කලේ උබ වහන්සේ බව කිව යුතුය. ඒ දවස්වල කොටුවෙන් සීඩී එකක් ගෙනිච්චනම් ඒ එක්කෝ ඔබ වහන්සේගේ ඒකක්ය. එහෙම නැත්තම් අර හින්දි සින්දු කියපු පොඩි උන්ගේය. ගත්ත පලවෙනි ලැප් ටොප් එකේ තිබුණු එකම බණ කලෙක්ෂන් එක ඔබ වහන්සේගේ ඒවාය. 


එක එක්කෙනාගෙ බණ අහන රුචිකත්වය එයාලගේ අවබෝධත්වයත් එක්ක වෙනස් විය හැක. තදබල විදියට ආගම අදහන්නෙක් නොවී සරලව වැරදි වැඩවලින් ඈත් වෙලා ඉන්න ඔබ වහන්සේ කියා දුන්නේය. සම්ප්‍රදායික බණ දේශනාවලින් මෑත්ව, මිනිසුන්ට කතා කලහ. සමාජයට දිය යුතු පණිවිඩය කෙසේ හෝ දුන්හ. මොන මොන විවේචන මැද්දේ උනත් ඔබ වහන්සේට ආදරය කරන පිරිසක් මේ රටේ  තාමත් සිටින බව කිව යුතුය. 


හැබැයි මේ වෙලාවෙ ඔබ වහන්සේ "මම නෙමෙයි නම් ප්‍රශ්නයක් නෑනේ" කියන තැන නොසිටිය යුතුය. හාමුදුරු නමක් විදියට එහෙම හිතන්න ඕනේ උනත් මේ වෙලාවේ එසේ නොසිතිය යුතුය. ඔබ වහන්සේ කියන්නාක් මෙන් චෝදනාව ඉතා දරුණුය. එය ඔබ වහන්සේට මෙන්ම අපටද දරා ගැනීමටවත් අදහා ගැනීමටවත් නොහැක. එම නම් ප්‍රසිද්ධ කිරීමේ සිද්ධියට අදාලව මේ වනවිට නිතිය ක්‍රියාත්මක වන නමුත් ඔබ අහන්සේට හැකි අයෙකුට කතා කර වැරදි කරුවන්ට ඉතා ඉක්මනින් දැඩි දඩුවම් ලබාදිය යුතුය. එය ඔබ වහන්සේට පමණක් නොව මින් ඉදිරියට මේ රටේ කිසිම කෙනෙකුට මෙවැනි දෙයක් සිදු නොවීමට දමන අඩිතාලමක් වන්නේය. 


එපමණක් නොව ඇත්ත සිද්දියට සම්බන්ධ වූවන් අධිකරණය දක්වා ගෙන යාමට සමාජ ක්‍රියාකාරිකයෙකු වන්නට පුලුවන්නම් ඉතාමත් අගනේය. ඇත්තටම ඔබ වැනි චරිතයකින් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි දෙයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි. චන්ද කාලෙට විතරක් පෙන්න ඉන්න හාමුදුරුවරුයි, පන්සලටම වෙලා ඉන්න හමුදුරුවරුයි දැකල හෙම්බත් වෙලා ඉන්න අපිට, සමාජ ප්‍රශ්ණ වෙනුවෙන් සටන් කරන හාමුදුරු නමකගේ ලොකු අඩුවක් තිබෙන බවද දන්වා සිටිමි. 


තෙරුවන් සරණයි !