“ලෝකේ තියෙන හොඳම mix and match combination on AstraZeneca es 20 Pfizer HCI GUS කියන්නේ. මාත් ඒ 02 අරගෙන තියෙන්නේ. AstraZeneca මට allergy වුණා. රුධිර කැටියක් හැදුණා මොළේ. ඒක සනීප වෙලා ඊට පස්සේ ඒක මට දෙවන මාත්රාව විදියට ගන්න විශේෂඥ වෛද්යවරු එපා කිව්වා. ඒක හින්දා මට නියම කළේ Pfizer.
Pfizer ලංකාවට ආපු ගමන් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමාට දැනුම් දුන්නා, මට මෙහෙම ප්රශ්නයක් තියෙන නිසා මට මේක ලබාදෙන්න කියලා. එතුමා මැදිහත් වෙලා මට ඒක ලබා දුන්නා. ඒකත් අරගෙන මාසයක් විතර එතකොට මගේ ඇඟේ immunity තියෙන්න 99ක් විතර සීයට. මට වෛරසය වැළඳුණේ කොහොම ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මගේ පෙරේදා ඇඟ රිදෙන්න පටන් ගත්තා. මං හිතුවා ඩෙංගු වෙන්න ඇති කියලා.
ඇත්තටම හොඳ immunity එකක් තියෙද්දි මට කොවිඩි හැදෙන්න බෑ කියන විශ්වාසය මට තිබුණා. හැබැයි ඉතින් ඩෙංගු වලට පරීක්ෂණ කළාම ඩෙංගු නෙගටිව්. එතකොට වග කිවයුතු පුද්ගලයෙකු විදියට කොවිඩ් පරීක්ෂණය කරන්න ඕනේනේ. ඒ හින්දා මම ඒක කළා. අද උදේ දෙවනි දවස. අද කරපුවාම ඒකෙන් ඇන්ටිජන් positive”
වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා අවධාරණය කළේ, ලොව හොඳම එන්නත් මිශ්රණය ලෙස වෛද්යවරු හඳුන්වන AstraZeneca සහ Pfizer එන්නත් පළමු සහ දෙවන මාත්රාව ලෙස ලබා ගත්තමන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වුණු බවත් ජනතාව එය සැලකිල්ලට ගෙන වඩාත් ආරක්ෂක්ෂාකාරීව කටයුතු කළ යුතු බවත්ය.
“මිනිස්සුන්ට කියන්න ඕනේ, මාස්ක් එක ගලවන්න එපා කිසිම හේතුවක් හින්දා…. තේ එකක් බොන්නවත් ගලවන්න එපා. කොවිඩ් හැදුනම විද්යාත්මක මතයන් තියෙනවා, වැක්සින් විදලා නම් මැරෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මැරෙන්නත් පුළුවන්නේ. විදලා මැරිච්ච කට්ටියත් ඉන්නවනේ. ඒක නිසා මම තව සතියක් විතර යනකොට මැරිලා හිටියොත් ඒකත් කොවිඩ් වල ඉරණමක්. මට ආදරේ මිනිස්සු ගොඩක් ඉන්නවනේ. ඒකයි මම හංගන්න ගියේ නැත්තේ”..
ශ්රී ලංකා වෛද්ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ සහ සෞඛ්ය අමාත්යාංශයේ හිටපු මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර හට ද කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බව වාර්තා වුනා.
කෙසේ වෙතත්, මෙතෙක් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බවත් වෛද්ය උපදෙස් මත තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහු ප්රකාශ කර ඇති බව පුවත්පතක් උපුටා දක්වමින් සඳහන් කරනවා.
වෛද්යවරයා කොවිඩි-19 ප්රතිශක්තිකරණ එන්නත් මාත්රා 02ම ලබා ගත් අයෙකි.
පළමු මාත්රාව ලෙස Oxford-Astrazeneca එන්නත සහ දෙවන මාත්රාව ලෙස Pfizer එන්නත මීට මාසයකට පමණ පෙර ලබාගත් බව ද ඔහු පවසා ඇත.
ඔහු සඳහන් කළේ, එසේ වුව ද අද උදෑසන කළ රැපිඩ් ඇන්ටිජන් ප්රීක්ෂණයෙන් තමන් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් බවය.
ඒ අනුව,තමන්ට දින 10ක් නිවසේ නිරෝධායනය වන ලෙස වෛද්ය උපදෙස් ලැබුණු බවත් එම දින 10 අවසානයේ තමන් නැවත රැපිඩ් ඇන්ටිජන් පපරීක්ෂණයට භාජනය වන බවත් ඔහු පවසා සිටියි.
එම පරීක්ෂණයෙන් තමන් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් තමන්ට සාමාන්ය සමාජයට නැවත පැමිණිය හැකි බවට වෛද්යවරුන් දැනුම් දුන් බව ද ඔහු සඳහන් කර සිටියා.
වෛද්යවරයා ප්රකාශ කළේ, තම පවුලේ සාමාජිකයින්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කළ බවත් ඉන් ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වුණු බවත්ය.