තල මල පිපිලා - ගම් හතක් පාළුවෙලා අහල තිබ්බට ඇත්ත විස්තරේ දන්නවද ?


තල් ගහේ මලක් පිපුනාම ගම් හතක් පාළු වෙනවා, ගම් හතකට අසුබයි කියන කතාව ඔබ අහලා ඇති. 


ඇත්තටම තල මල පිපුනාම ගම් හතක් පාළුවෙනවා කියන ඒකේ අර්ථය කුමක් ද? ඇත්තටම ඒහෙම වෙනවා ද? 


ගහක වැලක ගෙඩි හැදෙන්න ඒ ගස්වල මල් පරාගණය වෙන්න ඔ්නි. මල් පරාගනය කරන්නේ ‘පරාග කාරක සත්තු’ ඒ් කියන්නේ මී මැස්සෝ, අම්බලන් කුරුමිනියෝ, කුඹියෝ නැත්තම් වෙනත් කෘමි විශේෂ. 


තල් මලක් අති විශාලයි. ගමක තල් මලක් පිපුනම හතර වටේ ඉන්න මී මැස්සෝ කෘමියෝ සියලු දෙනා ඇති තරම් පැණි තියෙන ඒ් මලට ඇදෙනවා.  මාස දෙකක් විතර ඒ් මල සත්තුන්ට පැණි දෙනවා.  ඉතින් මේ සත්තු අවට (ගම්වල) වෙනත් ගස්වල මල් වලට යන්නේ නැති වෙනකොට ඒ් ගස්වල ගෙඩි එල හටගන්නේ නෑ.  


තව දෙයක් තමයි මේ තල මල නිසා අහලපහල අධික කෘමි ගහණයක් හා පණුවන් ගහනයක් වර්ධනය වෙනවා.මේ  පණුවන් දලඹුවන් ශාක පත්‍ර අනූබව කරනවා.එතකොට කැලෑ පාලුවෙනුවා


ගම් හතක් පාළු වෙනවා කියන්නේ ගමේ ගස් වැල්වල ගෙඩි හැදෙන්නේ නෑ කියන ඒකට.  ගෙඩි නැති වුණාම මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතා සිව්පාවාට පවා කන්න නැති වෙනවා.  


තල මල පිපුණාම ගම් හතක් පාළු වෙනවා. ඒක ඇත්ත. ඒ ගෙඩි හැදෙන්නේ නැති නිසා මිසක් මූසලකමට නෙවෙයි!


- උපුටාගැනීමකි -