සමහර අයට පට්ට ටෝක් එකක්, හෙන විද්වත් කථාවක් වෙලා තිබුණ මේ කතාවෙ කියවුණ සමහර දේවල් ගැන මෙන්න මේ ටික කියන්නම ඕනෙ.

විශ්වවිද්‍යාලයකින් ප්‍රදානයකරන උපාධි ගැන තීරණ ගන්න, ඒකෙ අන්තර්ගතය ගැන, ගුණාත්මක බව ගැන තීරණ ගන්න UGC එකට වැඩි බලයක් තියෙන්න ඕනෙ කියන කතාව ඇත්ත. මේ රටේ අනිත් විශ්වවිද්‍යාල හැම එකක්ම වගේම KDU එකටත් ඒක එහෙම වෙන්න ඕනෙ.

පරිපාලන තීරන කවුරු අරගත්තත්, Degree program ගැන ගන්න තීරණ UGC එකෙන් අරගන්න ඕනෙ. දැනටත් KDU එක ආරක්ෂක අමාත්‍යාංශය යටතෙ තිබුණට, අනිත් විශ්වවිද්‍යාල වලින් දෙන Degree වගේම KDU එකේ Degree දෙන්නෙත් UGC එකේ guidlines වලට අනුව තමයි.

ඔය කියන පනතෙන් ඒක වෙනස් වෙනව නම්, ඔව් ඒක පැහැදිලි ප්‍රශ්නයක්. ඒකට අපිත් විරුද්ධයි.

හැබැයි ඒක ඉස්සරහට දාගෙන, KDU එකේ කොඳුනාරටිය වගේ තියෙන Military එකයි ඒකත් එක්ක බැඳිච්ච වෙනස්ම නීතිරීති පද්ධතියයි විනයයි නැති කරල, KDU එකත් අවුරුද්දෙ වැඩි දවසක් කාගෙහරි දේශපාලන අරමුණක් වෙනුවෙන් පාරට බහින, ඉගෙනගන්නවට වඩා අරගල කරන්නම බලන් ඉන්න සෙට් එකක් ඉන්න, Lecturersලව, administration එක බය කරගෙන ඉන්න හදන සාම්ප්‍රදායික campus ළමයි ඉන්න තැනක් කරන්න හදනවට අපි කොහොමත් විරුද්ධයි.

KDU එකේ තියෙන්නෙ Military පාලනයක් කියනව නම්,,

ඔව් ඒක එහෙම තමයි ( එහෙම නෑ කියල තේරුම් කරනවට වඩා එහෙම කියන එක ලේසී)..

අපිට union හදන්න දෙන්නෙ නෑ තමයි. (එහෙම හදාගෙන කෑගහන්න තරම් ලොකු ප්‍රශ්න තාම නම් අපිට තිබිලත් නෑ. සමහරවිට අපි ඉන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය යටතෙ නිසා වෙන්න ඇති 🤣🤣🤣. උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ යටතෙ ඉන්න ඔයාලට හැමදාම ප්‍රශ්නනෙ. අපිවත් ඒ වලටම ඇදගන්න බලන්නෙ නැතුව ඔයාලවත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්න කියල ඉල්ලල බැලුවොත් මොකද 😉😉)

Degree එක ගන්න කාලෙදි කසාද බඳී / ඊටත් වඩා බඩවල් එහෙම උස්සගෙන lectures එයි වගේ හැසිරීමක් අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ තමයි. එහෙම ඒවට අපිට අවසර නෑ 🙅🙅. හැබැයි තමන්ගෙම කැමැත්තෙන්, KDU එක තෝරගන්න අය ඒකට යන්නෙත් ඒ ගැන දැනගෙනම තමයි. ඒ නිසා Campus එකට ගියාට පස්සෙ "අපිට කසාද බඳින්න දීපියව්, ළමයි එක්ක කැම්පස් එන්න දීපියව" කියල අපි ඉල්ලන්නෙත් නෑ. අවුරුදු 3ක්, 4ක්, උපරිම 5ක් degree එක වෙනුවෙන් කැප කරන්න පුලුවන් නිසා තමයි අපි ඒකට යන්නෙ. කසාද බඳින්න, ළමයි හදන්න ඕනෙනම්, සල්ලිත් ගෙවල KDU යන්නෙ නෑනෙ කවුරුවත්. ඒ සරල දේ තේරුම් ගන්න.

රජයේ විශ්වවිද්‍යාල වල අවුරුදු 3නේ Degree එක අවුරුදු 4, 5 ඇදුනට අපේ එහෙම නෑ. Degree එක පටන් ගන්නකොටම අපි දන්නවා degree එක ඉවර වෙන දවස. ඒ නිසා, අතරමඟදි "අනේ වයස යනවනේ, degree එක ගන්නත් පරක්කු වෙන එකේ කසාදයක්වත් බැඳල ළමයෙක් හදාගත්තනම" කියල අපිට හිතෙන්නෙ නෑ.

ඒ නිසා පාර්ලිමේන්තුවෙ ගිහින්, අපිට බඩක් උස්සගෙන campus යන්න අවසර දෙන්න කියල ඉල්ලන්න කලින්, රජයේ විශ්වවිද්‍යාල වල තියෙන ප්‍රශ්න ටික විසඳලා ඒ ළමයින්ටත් අවුරුදු 3නේ degree එක අවුරුදු 3න්ම ඉවර කරන්න පුලුවන් තත්වයක් හදල දෙන්න.

ප්‍රශ්නෙ තියෙන්නෙ එන්න තියෙන පනතෙ වගන්ති වල නම්, ඒ වගන්ති ගැන කතා කරන්න.

එහෙම නැතුව, "අපිට දැන් තියෙන KDU එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ" කියල දිවුර දිවුර දැනටත් අපේ KDU එකේ තියෙන නීති රීති වලට, විනයට ඇඟිලි ගහන්න එපා.

KDU එක තෝරගන්නවද නැද්ද කියන එක ළමයි සහ දෙමව්පියො අරගන්න තීරණයක්. Military base එකයි, ඒකත් එක්ක බැඳුන විනයයි කියන්නෙ KDU එක අනිත් හැම විශ්වවිද්‍යාලයකින්ම වෙනස් වෙන සාධකයක්.

මොන අමාත්‍යංශෙ යටතෙ තිබුණත්, ඒ විනය, ඒ නීති එහෙම තිබුණදෙන්. බඩවල් උස්සන් කැම්පස් යන සංස්කෘතියක්, නිදහසක් අපිට එපා 🙆🙆 ඒ ගැන කරදර වෙන්නත් එපා.

ප්‍රශ්නෙ තියෙන්නෙ මිලිටරියෙන් අධ්‍යාපනේ ගැන තීරණ ගන්න එක නම්, ඒක ගැන විතරක් කතා කරන්න. 

KDU එකේ ළමයි ඔය කියන පනතට support කරන්නෙ නෑ. මේ ටික කියන්නෙ, පනත ඉස්සරහට දාගෙන KDU එකත් එක්ක තියෙන පෞද්ගලික arrears cover කරන්න හදන අයටයි, KDU එක වහනකල් බලන් ඉන්න එවුන්ටයි විරුද්ධව මිසක් පනතට විරුද්ධ අයට නෙමෙයි.

දැන් එන්න එපා නැට්ට පුම්බගෙන.

පනත පෙන්න පෙන්න, hidden agenda වලට යන්න හිතුවට ඒක ටිකක් අමාරු වෙයි. 😉😉

සරලවම මෙච්චරයි,,,

Military එකට පුලුවන් university එකක administration එක කරගෙන යන්න.

Educational decisions ගන්න UGC එකට වැඩි බලයක් තියෙන්න ඕනෙ.

සංස්කෘතිකයි,, එකඟයි ❤️

KDU එකේ ළමයින්ටත් UNION හදන්න අවසර ඕනෙ, කැම්පස් යන කාලෙදි කසාද බඳින්න අවසර ඕනෙ, බඩවල් උස්සන් කැම්පස් යන්න අවසර ඕනෙ.

🙅🙅🙅🙅🙅🙅

විරුද්ධයි. ඒව ඕනෙ අයට යන්න ඕනෙ තරම් කැම්පස් ලංකාවෙ / ලෝකෙ තියෙනව.

එහෙම අවශ්‍යතාවයක් නැති අයට යන්න තියෙන එකම විශ්වවිද්‍යාලෙ KDU එක විතරයි.


Kusala Kalani ගේ සටහන