අපි සිංහල, දෙමල, මුස්ලිම්, කතෝලික, හෝ වෙනත් ජාති ආගම් බේදයකින් තොරව රටක් විදියට ඉතිහාසෙ ඉදන්ම ගොඩක් දුක් විදපු දුපතක්. විවිධ ආක්රමණ සතුරු කරදර හමුවේ ඉදිරියට අපු රට 1505 ඉදල 1658 වෙනකම් පෘතුගීසින් අල්ලගන්නවා. ඊළගට 1658 ඉදන් 1796 වෙනකම් නෙදර්ලන්තයෙන් එහෙමත්නැත්තන් ඩච් අල්ලගන්නව. ඊළගට 1818 ඉදන් 1948 වෙනකම් ඉංග්රීසින් අල්ලගන්නවා. ඉංග්රීසින්ගෙන් නිදහස හම්බවෙච්ච දවසෙ ඉදන් අද වෙනකම් අවරුදු 73 ක් එකම දේශපාලන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට රට පාලනය කරල අද වෙනකොට මේ රටේ එක ඔලු ගෙඩියක් රුපියල් 4014 ගානේ ලෝකෙට ණය කරලා තියෙනව. 1983 ඉදන් 2009 වෙනකම් සිවිල් යුද්දයකින් බැටකනවා. ලෝකෙ දෙමල ජනතාව ඉන්න තවත් රටවල් ඕනෙ තරම් තියෙද්දී ත්රස්තවාදී කණ්ඩායමක් පිහිටවල රටෙන් වෙනමම කැල්ලක් ඉල්ලල සිවිල් යුද්දයක් දක්වා ඔඩුදුවනකම් අපේ පාලකයින්ට මොකුත් කරගන්න බැරිවෙනව. සිංහල දෙමල වෙනසක් නැතිව මිනිස් ජිවිත ලක්ෂෙකට කිට්ටුවෙන්න නැතිවෙනව. 
 2004 දි සුනාමිය ඇවිල්ල වෙරළබඩ සම්පත් ටිකත් හෝදගෙන තවත් ජිවිත 35 000ක් අරන් යනව. යුද්දය ඉවරකරපු ගව්රවය මතින් එන ආණ්ඩුව 2015දි දුෂණ චෝදනා මත ජනතාව ප්රතික්ෂේප කරද්දී, ඒ වෙලාවේ හිටපු හොදම විකල්පය වෙච්ච දුෂණයට විරුද්දව යහ පාලනය ගෙන්න පොරොන්දු වෙච්ච පිරිසට බලය දෙනව. මහබැංකු කොල්ලය සහ සහාසික පාස්කු ප්රහාරය වලක්වා නොගැනීම නිසා මෙයාලව පරාද කරන්න පරණ අයම වෙන නමකින් එනව. මහ බැංකු හොරු අල්ලනව කියනව. පාස්කු ප්රහාරයට සම්බන්ධ සියලුම දෙනා නිතිය ඉදිරියට ගේනවා කියනව. අව්රුදු දෙකකට පස්සෙ අදත් අදාල වැරදි කරුවන්ට දඩුවම් ලැබෙයි කියල අපි බලාගෙන ඉන්නව. අගමැති විදියට පුද්ගලිකව නිර්දේශ කරල පත්කරපු මහබැංකු අධිපති වංචාවෙන් පස්සෙ සිංගප්පුරුවට වෙලා ඉන්නව. ඔහුට එරෙහිව නිත්යානුකුලව කටයුතු කරනව වෙනුවට, එයාව නිදේශ කරපු චන්දෙන් පැරදිච්ච හිටපු අගමැතිව පාර්ලිමේන්තුවට ගේනව. 

 අපිට ඇත්තටම කොහෙද වැරදුනේ? මේක මුල ඉදල වරද්දාගෙන තියෙන්නේ අපිමයි. අපි ජාතියක් විදියට තවමත් කැමතියි කාට හරි යටත්වෙලා ඉන්න. ළමය ගෙදර ඉන්නකම් දෙමව්පියන්ට බයේ ඉන්නව. කසාද බැන්දම බිරිද සැමියාට බයේ ඉන්නව. සැමියා බිරිදට බයේ ඉන්නව. වැඩ කරන තැන ලොක්කට බයේ ඉන්නව. පුංචි කාලෙදිම පිට කොන්ද කඩල හදන ළමය ලොකුවෙලා සමාජ ගත උනාම බලන්නෙ කොහේ හරි තියෙන පුංචි සිදුරකින් රිංගල තමන්ගේ වැඩේ කොහොමහරි කරගෙන, කරගන්න බැරි උනොත් පුළුවන් එකාට හුල්ලල "මේක අපේ කරුමේ" කියල පසුබහිනව. පොදු තැනකදී අසාධාරණයට විරුද්ධ වෙන්නේ කීයෙන් කීදෙනාද? රටේ නමගියපු දේශපාලන චරිතයක් දැක්කම ඒ මනුස්සය කොච්චර වැරදි කරපු කෙනෙක් උනත් අපි බහුතරයක් පුටුවෙන් නැගිටින්නෙ නැද්ද? ඉතින්, අපි මෙච්චර දුක් විදපු, බයාදු ජාතියක් කියල දැනගෙනත් "මේක ඉතින් අපෙ කරුමෙ" කියල තියෙන දෙයක් කාල නිදාගම්මු.